ඡායාරූප නැතිවම බැරි මුහුණු පොත.

-සම්පත් කුමාර හේරත්-

FACEBOOK

සමාජ ජාලා වෙබ් අඩවි අදවන විට ඉතාම ජනප්රිය මාතෘකාවක් වී අවසන්. Facebook, Twitter, Instagram, වගේ සමාජ ජාලා ගිණුමක හිමිකරුවෙක් නොවන කෙනෙක් හොයාගන්න එක ඉතාම අමාරු වන එක මීට හොදම නිදසුනයි. 2019 ලෝක ජනගහනයෙන් 42% දෙනා කුමන හෝ සමාජ ජාලයක ක්රියාකරුවෙකු බව Hootsute වෙබ් අඩවි දත්ත තහවූරු කර තිබීම මෙය තවදුරටත් තහවුරුකරන සාධකයකි. මේ අතරින් වැඩිම පිරිසක්, එ් කියන්නේ බිලියන 2.5 භාවිත කරන්නේ Facebook බවයි ඔවුන් ප්රකාශකර සිටින්නේ. මෙම ජනප්රියත්වයට බලපාන කරුණු කිහිපයක් හඳුනගන්න හැකි අතර එයින් ඉදිරියෙන්ම හා සාධනීයව අංගයක් ලෙස ජායාරූප පල කිරීම (photo postings) හා සංසරණය (sharing) දැක්විය හැකිය.

 

ඡායාරූපයක් යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද?. සරලම පිළිතුර අතීතයේ වු සිදුවීමක් නැවත අා වර්ජනය කරගැනීම සඳහා සංරක්ෂණය කිරීම ඡායාරූපයක් යන්නය. කාලය ප්රත්යාවලෝකනය කිරීම මෙන්ම ඡායාරූපකරණය අතිශය වැදගත් කලා මාධ්යයක් ලෙස සැලකිය හැක. තාක්ෂණික ක්රමවේද භාවිත කරමින් සකසා ගන්නා ඡායාරූපයහි කලාත්මක බව ප්රධාන වශයෙන් රැඳිලා තිබෙන්නෙ ඡායාරූපය ග්රහණය කරගන්නා ඡායාරූප ශිල්පියා මතය.

 

මෙම ඡායාරූපය සාමාන්ය ජනතාව අතර බහුලවන්න ජංගම දුරකථනය කියන සාධකය හා එහි දියුණුව හේතුවී අැතිබව නොරහසිකි. සෑම කෙනෙකු අතම රැදි ජංගම දුරකථනය එ් එ් අයගේ සිතුවිලි ජායාරූපයට නගාගන්නා මාධ්ය වී අැත්තේ මේ නිසාය. මේ කරුණ වඩාත්ම තහවූරු වන්නේ ජංගම දුරකථන පරිභෝජකයා තම දුරකතනයේ කැමරාවෙහි යෝග්යතාව (quality) ගැන සැලකිලිමත් වන අාකාරයගැන සොයාබැලීමෙනි.

 

 

 

 

මෙම ඡායාරූපය සාමාන්ය ජනතාව අතර බහුලවන්න ජංගම දුරකථනය කියන සාධකය හා එහි දියුණුව හේතුවී අැතිබව නොරහසිකි. සෑම කෙනෙකු අතම රැදි ජංගම දුරකථනය එ් එ් අයගේ සිතුවිලි ජායාරූපයට නගාගන්නා මාධ්ය වී අැත්තේ මේ නිසාය. මේ කරුණ වඩාත්ම තහවූරු වන්නේ ජංගම දුරකථන පරිභෝජකයා තම දුරකතනයේ කැමරාවෙහි යෝග්යතාව (quality) ගැන සැලකිලිමත් වන අාකාරයගැන සොයාබැලීමෙනි.


තීතයේ ඡායාරූප මතක සටහන් ලෙස අැල්බම් ගත කර තබාගෙන සිටි අයුරු අා වර්ජනය කරගන්න. ගෙදරට එන අමුත්තන්ට නෑදෑයන්ට මේ අැල්බම තම අතීතය සිහිපත් කරන හොඳම තොතැන්නක් වී තිබූ බව මතක අැති. අද එ් ප්රදර්ශන කාමීත්වයට හොඳම තොතැන්න ලෙස සමාජ ජාල වෙබ් අඩවි පත්ව අැත. ජංගම දුරකථනයෙන් හෝ වෙනත් ඩිජිටල් කැමරාවකින් ලබාගන්නා ඡායාරූප ඉතාම පහසුවෙන් Facebook වෙත එක්කිරීමට හැකිවිම මෙම ක්රියාවලියට විශාල වශයෙන් දායක වී අැත.

 

මංගල දිනය, විනෝද චාරිකාව, ප්රජාසත්කාරක වැඩසටහන, උපන්දිනය උත්සවය යනාදී සෑම විශේෂ කටයුත්තක්ම විශේෂයෙන් රැල්ලක් ලෙස පැලපදියම්වී අැති Selfie ඡායාරූපද Facebook හරහා ප්රචාරය කිරීමට වැඩි දෙනා පෙළඹී අැත්තේ ඡායාරූපය පලකිරීමට අමතරව එ් හා සකසා අැති අනෙකුත් ක්රියාපටිපාටි නිසාය. අපි පළකරන ඡයාරූපවට එහි පෙනීසිටින අනික් මිතුරන් සම්බන්ද කරගැන්මට අැති හැකියාව( tagging), අන් අයට අපගේ ඡායාරූපයට අදහස් දක්වන්න පුලුවන්වීමේ පහසුකම (commenting) වගේම ක්ෂණික ප්රතිචාර(likes) දැක්වීමට අැත් හැකියාව, එම ඡායාරූප නැවත ප්රචාරකිරීමට(share) අැති හැකියව යන පහසුකම් මේ අතරින් ගෙනහැර දක්විය හැක.

 

මේ කරුණු හේතුවෙන් Facebook පරිශීලකයින් අන් අයගේ ප්රතිචාර වැඩිවැඩියෙන් ලබා ගන්න පෙළඹී අැතිබවක් පෙනීයයි. එ් සදහා ඡායාරූප සංස්කරණය කර, පල කිරිමට නැඹුරුවි අැති අතර Photoshop, lightroom වැනි සංස්කරණ මෘදුකාංග සහ එ් වෙනුවෙන් අැති apps මේ සඳහා සහය වි අැත.

 

logo helio

Subscribe Us

Write your email into below field and join our quick support forum.