Drone සම්බන්ධ නීති

-සජිත් රංගන-

Drone 

Drone සම්බන්ධ නීති සම්පාදනය කර සම්මත කර ඇත්තෙ 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ 80 වැනි වගන්තිය යටතේ ය. මෙම නීති වර්තමානයේ කි‍්‍රයාත්මක වන අතර නීතී අනුගමනය නොකරන ඕනෑම පුද්ගලයෙකු වැරදි කරුවෙකු වන අතර එය දඩයක් හෝ සිර දඩුවමක් ලෙස තීන්දු කිරිමට අධිකරණය සතුව බලය පවති. එමෙන් ම මෙම නිතීන් බල පවත්වනු ලබන්නෙ ශී‍්‍ර ලංකාවට අයත් ගුවන් අවකාශයට ඇතුළත් මෙහෙයුම් පමණි. එමෙන්ම සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සතුව ඕනැම අවස්ථාවක ප‍්‍රමිති සහතික නිකුත් කිරිමේ අයිතිය පවති. සිවිල් ගුවන් සේවා අධිකාරිය හට නියමුවන් රහිත ගුවන් යානා දුරස්ථ පාලන ගුවන් යානා හා ඩ්‍රෝන යානා සියල්ලම අයත් වේ. එමෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ස්කන්ධය නැතිනම් බර මත කොටස් හතරකට බෙදා වෙන්කර ඇත.

A type – 25Kg වැඩි යානා
B type – 1Kg ත් 25Kg ත් අතර
C type – 200g ත් 1Kg ත් අතර 
D type – 200g අඩු

B type drone
B type drone

C type 
මෙම කාණ්ඩයේ ඩ්‍රෝන් වල ද කැමරාවක් අන්තර් ගත නොවේ නම් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් භාවිතයේදි අවසර අවශ්‍ය නොවන අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් සහතික කරනු ලැබු අලෙවි නියෝජිතයෙකු මාර්ගයෙන් එම අලෙවි නියෝජිතයෙකු නිර්දේශ කරනු ලබන නිර්ණායකයන් මත භාවිතා කළ හැකිය. නමුත් කැමරාවක් අන්තර් ගත නම් ඔබ අනිවාර්යෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය‍ෙහි ඩ්‍රෝන් යානය මෙන්ම, එය හසුරුවන පුද්ගලයාද ලියාපදිංචි විය යුතුය.

B type 
1Kg ත් 25Kg ත් අතර මෙම කාණ්ඩයට Prosumer කාණ්ඩයේ සියලූම ඩ්‍රෝන් යානා අයත් වනවා ඇත. මේ වර්ගයේ සියලූම ඩ්‍රෝන් වල කැමරාවක් අන්නර් ගතවන අතර. ඒ නිසාම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඩ්‍රෝන් යානාව ලියාපදිංචි කිරිම මෙන්ම. එය හසුරුවන පුද්ගලයාද ලියා පදිංචි වීම අනිවාර්ය වේ.

A type 
මේ කාණ්ඩයේ ඩ්‍රෝන් යානා ගැන වැඩිපුර අවධානයක් නැතත් ඉතා නුදුරු අනාගතයේදීම A type ඩ්‍රෝන් යානා ලංකාවට ගෙන ඒමට ඇති ඉඩකඩ ප‍්‍රමාණය වැඩිය. එයට හේතුවක් වන්නේ මේ කාණ්ඩයේ ඩ්‍රෝන් වෙනත් රටවල භාවිතා කරනු ලබන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහාය. දියර කෘමිනාෂක බෙහෙත් වර්ග ඉසිමට යොදාගනු ලබයි. B type ඩ්‍රෝන් යානාවක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කරන ආකාරයෙන්ම මේ කාණ්ඩයේ ඩ්‍රෝන් ලියා පදිංචිය මෙන් ම භාවිතා කරන්නාද ලියාපදිංචි විය යුතුය.

මෙම ඩ්‍රෝන් වර්ග වෙන්කර ඇති ආකාරයට භාවිතයේ වැඩියෙන්ම ඇති D type ඩ්‍රෝන් මේ කාණ්ඩයට අයත් වන්නේ Toy Drones වන අතර කුඩා දරුවන් විනෝදය සඳහා මෙන්ම, ඩ්‍රෝන් පිළිබඳ ආශාවෙන් ක්‍ෂත‍්‍රයට පැමිණෙන නවකයින් බෝහෝ දෙනෙකු මිලදී ගන්නේ මේ කාණ්ඩයේ ඩ්‍රෝන් යානා ය. එයට හේතුව ලෙස ඩ්‍රෝන් යානාවක් හැසිරවිමේ දී දැනගත යුතු මුලික සිද්ධාන්ත ඇතුළත් කොට මේ කාණ්ඩයේ ඩ්‍රෝන යානා සකසා ඇති නිසාය. එමෙන්ම වෙළඳ පොළෙහි අවම මුදලකට ලබා ගත හැකි වීම තවත් වැදගත් කාරණයකි. සිවිල් ගුවන් සේවා අධිකාරිය දක්වා ඇති අන්දමට 200g අඩු කැමරාවක් අන්නර්ගත නොවන ඩ්‍රෝන් යානාවක් නම් ඔබට එය ලියාපදිංචි කිරිම අවශ්‍ය නොවන අතර ඔබ ඩ්‍රෝන් යානාව හසුරුවන ස්ථානයේ පුද්ගලයාගෙන් හෝ ආයතනයෙන් ලිඛිත අවසර ගැනිම වැදගත් වේ. මෙහිදි ඩ්‍රෝන් එක හැසිරවිය යුතු උපරිම උසක් සඳහන් කර ඇති අතර එය මීටර් 150ක් වේ.

C type 
මෙම කාණ්ඩයේ ඩ්‍රෝන් වල ද කැමරාවක් අන්තර් ගත නොවේ නම් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් භාවිතයේදි අවසර අවශ්‍ය නොවන අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් සහතික කරනු ලැබු අලෙවි නියෝජිතයෙකු මාර්ගයෙන් එම අලෙවි නියෝජිතයෙකු නිර්දේශ කරනු ලබන නිර්ණායකයන් මත භාවිතා කළ හැකිය. නමුත් කැමරාවක් අන්තර් ගත නම් ඔබ අනිවාර්යෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය‍ෙහි ඩ්‍රෝන් යානය මෙන්ම, එය හසුරුවන පුද්ගලයාද ලියාපදිංචි විය යුතුය.

B type 
1Kg ත් 25Kg ත් අතර මෙම කාණ්ඩයට Prosumer කාණ්ඩයේ සියලූම ඩ්‍රෝන් යානා අයත් වනවා ඇත. මේ වර්ගයේ සියලූම ඩ්‍රෝන් වල කැමරාවක් අන්නර් ගතවන අතර. ඒ නිසාම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඩ්‍රෝන් යානාව ලියාපදිංචි කිරිම මෙන්ම. එය හසුරුවන පුද්ගලයාද ලියා පදිංචි වීම අනිවාර්ය වේ.

A type 
මේ කාණ්ඩයේ ඩ්‍රෝන් යානා ගැන වැඩිපුර අවධානයක් නැතත් ඉතා නුදුරු අනාගතයේදීම A type ඩ්‍රෝන් යානා ලංකාවට ගෙන ඒමට ඇති ඉඩකඩ ප‍්‍රමාණය වැඩිය. එයට හේතුවක් වන්නේ මේ කාණ්ඩයේ ඩ්‍රෝන් වෙනත් රටවල භාවිතා කරනු ලබන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහාය. දියර කෘමිනාෂක බෙහෙත් වර්ග ඉසිමට යොදාගනු ලබයි. B type ඩ්‍රෝන් යානාවක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කරන ආකාරයෙන්ම මේ කාණ්ඩයේ ඩ්‍රෝන් ලියා පදිංචිය මෙන් ම භාවිතා කරන්නාද ලියාපදිංචි විය යුතුය.

 

Drones හෝ නියමුවන් රහිත ඕනැම ගුවන් යානයක් හැසිරවීමේදී ශී‍්‍ර ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පනවා ඇති කොන්දේසි පහත පරිදි වේ.

  • පුද්ගලයින් හෝ දේපළ අනතුරෙහි නොහෙලා නිරුපද්‍රිතව හසුරුවන ලෙසත්, අපේක්ෂා කරන දුර ගමන් කිරිමට මෙන්ම, ඩ්‍රෝන් යානාව නැවත රුගෙන ඒමට එහි ඇති බැටරි වල බලය ප‍්‍රමාණවත් දැයි නිතරම නියමුවා සැලකිළිමත් විය යුතු අතර, ඩ්‍රෝන් යානාව යැවීමට පෙර එහි ඇති බැටරි ආරෝපණය කර ඇත්දැයි මෙන්ම, propeller තටු නිවැරදිව සවිවී ඇති දැයි පුර්ව අධ්‍යනයකින් පසුව ඩ්‍රෝන් යානාව හැසිරවිම.
  • නියමුවන් දෙදෙනෙකු එකම ස්ථානයේ සිට ඩ්‍රෝන් දෙකක් හසුරුවනවා නම් ඔවුන් දෙදෙනාම ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. එමෙන්ම ඩ්‍රෝන් යානාව යැවිමේදී සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන පරිදි ඇසට නොපෙනෙන ලෙස හෝ මග හැරෙන ආකාරයෙන් ඩ්‍රෝන් හැසිර වීම නොකළ යුතුය.
  • වැස්ස විදුලි කෙටීම් හෝ අයහපත් ඕනෑම කාළගුණ අවස්ථාවකදී ඩ්‍රෝන් ක්‍රියාත්මක නොකළ යුතුය.
  • සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ විශේෂ අවසරයකින් තොරව. නියමුවන් රහිත ගුවන් යානයක් හෝ ඩ්‍රෝන් යානාවක් නොට් 87 ක වේගයෙන් එනම් පැයට සැතපුම් සියයක වේගයෙන් පියාසර නොකල යුතුය. වානිජමය ලෙස ඩ්‍රෝන් නිශ්පාදනය කරන සමාගම් නොට් 87ක වේගයට ආසන්න වේගයෙන් හැසිර විය හැකි ඩ්‍රෝන් නිපදවනු නොලබන නමුත් යම් කෙනෙකු නියමුවන් රහිත ගුවන් යානයක් එකලස් කොට එම වේගයට සමාන වේගයක් ලබා ගැනිමට උත්සාහ කරනු ලබන්නෙ නම් එම නීති බලාත්මක වේ.
  • තනි පුද්ගලයෙකු විසින් එකම අවස්ථානකදී එක් ඩ්‍රෝන් යානාවකට වැඩි ප‍්‍රමාණයක් හැසිරවීම නොකළ යුතුය.
  • චලනය වන වේදිකාවක් මත සිට හෝ වාහනයක ඇතුළත සිට ඩ්‍රෝන් හැසිරවිම සිදු නොකල යුතුය.
  • පියාසර කිරීමේදී සිදුවන අනපේක්ෂිත අනතුරකට මුහුණ පාන්නට සිදුවුවහොත්, අවශ්‍යය හදිසි කි‍්‍රයාමාර්ග ගත යුත්තේ පුද්ගලයින්ට මෙන්ම, දේපළ වලට අවම හානියක් වන අන්දමටයි.

නියමුවන් රහිත ගුවන් යානයක් හසුරුවන, භාවිත කරන පුද්ගලයාගේ තත්වයද සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පහදා දී ඇත.

නීති රීති

  • ඔබ භාවිත කරන හෝ හැසිරවීමට අදහස් කරන ඩ්‍රෝන් යානාව පිළිබඳව මනා අවබෝධයක් නැතිනම්.
  • යහපත් ශාරිරික මානසික හා සෞඛ්‍යය මට්ටමක් එම අවස්ථාවේදී නැත්නම්.
  • මධ්‍යසාර හෝ යම් ආකාරයක මත්ද්‍රවයක බලපෑම මගින් මනෝ ක‍්‍රීයාකාරිත්වය බලපෑමකට ලක්ව ඇත්නම්.
  • සමාජ වගකීම් ගැන ස්ථිර හැඟීමක් නැතිනම්.

මෙම තත්වයන්ට මුහුණ දි ඇති පුද්ගලයෙකු නියමුවන් රහිත ගුවන් යානා මෙන්ම ඩ්‍රෝන් යානාද හැසිරවීම නොකල යුතුය. ඩ්‍රෝන් යානාවක් හසුරුවන පුද්ගලයා තමන් අපේක්ෂා කල දෙය පමණක් ග‍්‍රහණය කර ගත යුතු අතර කිසිදු විටෙක පෞද්ගලිකත්වයට හා ප‍්‍රජා අයිතින්ට සහ සිවිල් නිදහසට හානි නොවන අයුරින් කටයුතු කිරිමට සහතික විය යුතුය.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ විශේෂ අවසරයක් නොමැතිව. කිසිදු නියමුවන් රහිත ගුවන් යානයක් හෝ ඩ්‍රෝන් යානාවක් පහත සඳහන් ළංකාවේ කිසිදු තැනක ඩ්‍රෝන් හැසිරවීම නොකල යුතුය.

  • සක‍්‍රීය ගුවන් තොටුපළක් මත චලන ප‍්‍රදේශ මත හෝ ඊට ඉහළින්.
  • කිසියම් සක‍්‍රීය ධාවන පථ තීරු ප‍්‍රදේශයන් මත හෝ ඊට ඉහළින්.
  • පුද්ගල සමුහයකට හෝ පොදු රැස්විමකට ඉහළින්.
  • මහා මාර්ග හෝ දුම්රිය මාර්ග දිගේ හෝ ඊට ඉහළින්.
  • විවෘත විදුලි රැහැන් මතට හෝ ඊට ඉහළින්.
  • සංදේශ කුලුණු සමිපයෙන්.
  • අනුමැතිය රහිතව ජාතික වනෝද්‍යාන සහ පුරා විද්‍යා වැඩබිම් වලට ඉහළින්.

පුද්ගලයෙකුට හෝ දේපළකට හානියක් වුවහොත්

එමෙන් ම ඩ්‍රෝන් යානාවක් යැවීමෙදී යම් ආකාරයක ඩ්‍රෝන් යානාවේ යම් කාර්මික දෝෂයක් මත හෝ එය හසුරුවන පුද්ගලයාගේ වැරැද්දක් නිසා පුද්ගලයෙකුට හෝ පෞද්ගලික හෝ පොදු දේපළකට හානියක් සිදුවුව හොත්, එසේ අනතුර සිදුවූ ස්ථානයට ආසන්නම පොළිස් ස්ථානය වෙත වහාම වාර්තා කිරිම කළ යුතුය. එලෙස අනතුරට පත්වු විගස අනතුර වි පැය 48කට අඩු කාලයකදී සිවිල් සේවා ගුවන් අධිකාරිය දැනුවත් කළ යුතු අතර එහිදී ඩ්‍රෝන් අයිතිකරු මෙන්ම. ඩ්‍රෝන් යානාව ලියාපදිංචි අංකය සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඇති පරිදි වාර්ථාවක් ලබා දිය යුතුය. එසේ වාර්තාවක් සකස් කිරිමේදී ඇතුළත් විය යුතු කරුණු පිළිබඳව සිවිල් සේවා ගුවන් අධිකාරිය මගින් දක්වා ඇත.

වගවීම සහ වගකීම

  • අයිතිකරුගේ නම සමිබන්ධ කරගත හැකි ක‍්‍රම.
  • භාවිතා කළ පුද්ගලයාගේ නම සමිබන්ධ කරගත හැකි ක‍්‍රම.
  • ඩ්‍රෝන් එක සඳහානිකුත් කර ඇති ලියාපදිංචි තොරතුරු.
  • අනතුර වු ස්ථානය.
  • අනතුර වු දිනය.
  • අනතුර වු වේලාව.
  • තුවාල ලැබු පුද්ගලයා හෝ ඔහුට ඇති වී ඇති හානියපිළිබඳව දැනුවත් ඇත්නම්.
  • හානිය සිදුවුයේ දේපළක් නම් දේපළ හානියේ ප‍්‍රමාණය ඒ ගැන දැනුවත් නම්.
  • සිදුවු සිද්ධිය ගැන විස්තරයක්.

සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් අවශ්‍යය කරනු ලබන සියලුම ෆෝරමයන් එහි වෙබ් අඩවියේ දක්වා ඇති අතර. www.caa.lk හි ඩ්‍රෝන් යානාවක් ලියාපදිංචි කිරිමේ මෙන්ම, හසුරු වන පුද්ගලයා ලියාපදිංචි විමේ ෆෝරම් මෙන්ම, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධාන කාර්යාලයෙන් ලබා ගත යුතු අවසර ලබා ගතයුතු ෆෝරම් ආදිය ගැන සියලූ විස්තරයක්ම අන්තර් ගත වේ. aiso1@caa.lk හෝ aiais@caa.lk හෝ scaiais@caa.lk යන විද්‍යූත් ලිපිනයන් හරහා ඒවා යොමු කළ හැකිවේ.

මේ ආකාරයෙන් ඩ්‍රෝන් යානයක් ලියාපදිංචිය වලංගු උපරිම කාලය වසර 02 ක කාලයක් වන අතර ඉන්පසුව එම බලපත‍්‍රය අවලංගු වේ. එය නැවතත් යාවත් කාලීන කළ යුතුය. එසේ ඩ්‍රෝන් යානාව ලියාපදිංච් කළත් භාවිතා කරන්නන් ලියාපදිංචි වුවත් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි කාර්යාලයට ඩ්‍රෝන යානාව හසුරන දිනය, වේලාවල්, මෙන්ම ඩ්‍රෝන යානාව හසුරවන ස්ථානය, දිනය ගැන මෙන්ම ඩ්‍රෝන යානා මාදිලිය, අනුක‍්‍රමික අංකය, බර ආදිය ගැන ඩ්‍රෝන හැසිරවිමට දින 5කට පෙර විද්‍යුත් ලිපිනය මාර්ගය වන ocds.drone@gmail.com මගින් හෝ ෆැක්ස් මගින් ද යොමු කළ හැකිය. එම ආකෘති පත‍්‍රය ද සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙබ් පිටුවේ අන්තර්ගත කොට ඇත.

මීට අමතර ව පුරාවිද්‍යා වටිනාකම ක් ඇති ස්ථාන වල ඩ්‍රෝන් යානාවක් හසුරුවනවා නම්. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් අවසර ලබා ගතයුතු අතර, ස්ථානය භාරකාරව කටයුතු කරන රජයේ ආයතන මෙන්ම පෞද්ගලික ආයතන වලින් අවසර ගැනීම සිදු කළ යුතුය. එමෙන් ම ජාතික වනෝද්‍යාන හා ස්වභාවික රක්ෂිත වනජීවි ඕනෑම ආරක්ෂිත ස්ථානයක් ඇතුළත් වේ නම් එම ස්ථානය පාලනය කරනු ලබන ආයතනය හරහා අවසර ගැනීම කළ යුතුය. මෙම කාර්යයන් සියල්ලක්ම ඊමේල් මගින් සිදුකර ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි කාර්යාලය ඉඩ සලසා ඇත්තේ වඩාත් පහසුට ඕනෑම කෙනෙකුට වෙනත් ස්ථානයක සිට සියලූම කටයුතු කරගැනීමේ පහසුව සලසමින්ය.

 

logo helio

Subscribe Us

Write your email into below field and join our quick support forum.