ඡායාරූප කලාව

This image for Image Layouts addon

Introduction to
ART PHOTOGRAPHY

ඡායාරූප කලාව විවිධ ශානරයන්ගෙන් සැදුම් ලත් කලා මාධ්යයකි. විවිධ ඡායාරූපකරණයන් මෙම කලාව තුළ අන්තර්ගතව ඇත. උදාහරණ ලෙස ස්වභාවධර්ම ඡායාරූපකරණය, භූ දර්ශන ඡායාරූපකරණය, ආලේඛය ඡායාරූපකරණය වැනි විවිධ ඡායාරූපකරණයන් අපට මෙම කලාව අධ්යයනයේදී හමු වනු ඇත. එසේ අධ්යයනයේදී හමු වන තවත් එක් සුවිශේෂී ඡායාරූප කලාවක් ලෙස මැක්රෝ ඡායාරූපකරණය පෙන්වා දිය හැක. මැක්රෝ ඡායාරූපය යනු අපගේ පියවි ඇසට සමීපව නොපෙනෙන යම් ජීවී හෝ අජීවී වස්තුවක් 1:1 විශාලනයෙන් යුතුව ඡායාරූපයට නැගීම වේ. මෙම ඡායාරූපකරණය වනජීවී ඡායාරූපකරණය හා Photomicrographs ඡායාරූපකරණය හා බැඳී පවතින්නකි. වනජීවී ඡායාරූපකරණය ඈත ඉතිහාසයකට උරුම කම් කියන ඡායාරූපකරණයකි. සතුන් සහ මිනිසුන් අතර ඇති සම්බන්ධතාවයේ ප්රතිඵලයක් ලෙස මෙම කලාව බිහිව ඇති අතර මුලින්ම මැක්රෝ ඡායාරූපය බිහිවන්නේ වනජීවී ඡායාරූපකරණය ආශරිතවය. ඉතා කුඩා සතුන් ඡායාරූපයට නැගීම සහ ඔවුන් පිළිබඳ තොරතුරු සෙවීම මෙහි මූලාරම්භය විය. එම අවදිය ඡායාරූපකරණය සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුවෙමින් පැවතුන කාලයක් විය. එකී පර්යේෂණයන්ගේ ප්රතිඵලයක් ලෙස Photomicrographs ඡායාරූපකරණය බිහි විය. මැක්රෝ ඡායාරූපකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදි හා බැඳී පවතින Photomicrographs ඡායාරූපකරණය අත් නොහළ හැකි අංගයකි. Photomicrographs ඡායාරූපකරණය අතීතයේදී මිනිස් අක්ෂි පරීක්ෂාවලට, ඉතා කුඩා අක්ෂර ලේඛනයට සහ විද්යාත්මක පරීක්ෂණ සඳහා යොදා ගෙන ඇත.

මැක්‍රෝ ඡායාරූපකරණයේදී බහුලව ජීවී අරමුණු ඡායාරූප ගත කිරීම සිදු කර ඇති අතර Photomicrographs ඡායාරූපකරණයේදී ජීවී අරමුණු මෙන්ම අජීවී අරමුණුද ඡායාරූප ගත කිරීම සිදු කර ඇත. ඒ අනුව මෙම ඡායාරූපකරණයේ වර්ධනයක් ලෙසද මැක්‍රෝ ඡායාරූපකරණ බිහි වී ඇති බව පැහැදිලි වේ. එසේ ව්‍යාප්ත වූ මැක්‍රෝ ඡායාරූපකරණ 1900 වසරේ මුල් භාගයේදී කලාවක් ලෙස ස්ථාපනය විය. මේ සම්බන්ධයෙන් ශිල්පීන් විවිධ අදහස් හා මතවාද ඉදිරිපත් කර ඇතත්, 1880 වසරේ එක්සත් රාජධානියේ, ලන්ඩන්හි උපත ලද පර්සි ස්මිත් [F. Percy Smith] නැමැති ලේඛන චිත්‍රපට ශිල්පියා මැක්‍රෝ ඡායාරූප කලාවේ පුරෝගාමියා ලෙස හඳුන්වනු ලැබේ.

Photomicrographs ඡායාරූපයක්
Photomicrographs ඡායාරූපයක්

පෙරණය තරංග ආයාම පරාසය

මැක්‍රෝ ඡායාරූපකරණය අද වන විට ඡායාරූප ක්ෂේත්‍රයේ අද්විතීයත්වයට පත්ව ඇත. මේ දක්වා වර්ධනය වූ මැක්‍රෝ ඡායාරූප කලාව සඳහා විශ්මිත මැක්‍රෝ නිර්මාණ රාශියක් නිර්මාණකරුවන් විසින් ලෝකයට දායාද කර ඇති අතර, එසේ බිහිවන මැක්‍රෝ ඡායාරූප කලාව අද වන විට විවිධ වෙනස් කම් වලට භාජනය වෙමින් විවිධ අවශ්‍යතා සඳහා භාවිත වන කලාවක් බවට පත්ව ඇත. මෙම කලාවේ ඇති විශේෂත්වය නිසා වර්තමානයේදී අලංකරණ ප්‍රචාරණ මාධ්‍යයක් ලෙසද, වෙළෙඳපොළ නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීම සඳහාද, විවිධ කෘමි සතුන් හඳුනා ගැනීමට (එම සතුන්ගේ සත්ව දේහය සැකසී ඇති ව්‍යූහයන් හඳුනා ගැනීමට) සහ විද්යාමත්මක පර්යේෂණ සඳහාද මෙම ඡායාරූපකරණය භාවිත කරනු ලබයි.

වර්තමානයේ ඡායාරූප ශිල්පීන් මැක්‍රෝ ඡායාරූපකරණය සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. නමුත් දැනට භාවිත වන නූතන මෙවලම් (උදා – මැක්‍රෝ කාච, මැක්‍රෝ ඡායාරූපකරණය සඳහා යොදාගන්නා විශේෂ ආලෝක පද්ධති) ආර්ථික වටිනාකමින් ඉහළ මට්ටමක පවතී. එම උපකරණ වෙනුවට වර්තමානයේ ඡායාරූප ශිල්පීන් බොහොමයක් මැක්‍රෝ ඡායාරූපකරණය සදහා ආදේශක උපක්‍රම යොදා ගැනීමට නැඹුරැ වී ඇත.

F. Percy Smith
F. Percy Smith

 

logo helio

Subscribe Us

Write your email into below field and join our quick support forum.