ඡායාරූපයක් නිවැරදිව සංස්කරණය කරමු

ඡායාරූපයක් නිවැරදිව සංස්කරණය කරමු

 ඡායාරූපයක පසු සැකසුම් කිරීම මගින් එහි ගුණාත්මක බව තව දුරටත් වැඩිදියුණු කර ගැනීම අප කාගේත් අරමුණ වේ. නමුත් ඇතැම් අවස්ථාවන්හීදී සංස්කරණයට පසු ඡායාරූපයේ ගුණාත්මක බව මුල් කෘතිය හා සංසන්දනය කල විට ඊට හාත්පස වෙනස් හා ගුණාත්මක බව අඩු අගයක් ගන්නා බව පෙනෙන්නට පවතී.මෙම ශිල්ප ක්‍රමවේදයේදී සංස්කරණ ශිල්පියාහට ආවේණික බවක් හා රසයක් පැවතීම පොදුකරුණකි. මෙම ලිපිය මගින් Adobe photoshop මෘදුකාංගය ඇසුරින් ඡායාරූප සංස්කරණ මූලික පියවර සැකෙවින් විස්තර කෙරේ.

Step 01

මෙම පියවර යටතේ ඔබගේ අවසාන නිර්මාණයට නිවැරදි පරිමාණ(size) හා විභේදන(Resolution) අගයන් එක් කර ගැනීම සිදු කරයි.එනම් අවසාන නිර්මාණය මුද්‍රණය කිරීමට අදහස් කරන්නේනම් Resolution 300dpi අගයක්ද සාමාන්‍ය එදිනෙදා අන්තර්ජාල භාවිතය සඳහා Resolution 72dpi ද යොදාගනු ලබයි.

Step 02

ඡායාරූපය, Photoshop මෘදුකාංගයට විවෘත්ත කරගැනීම මෙහිදී සිදුකරණු ලබයි.සෑම විටම මුල් පිටපත මත කිසිදු සංස්කරණයක් සිදු නොකරන අතර එහි පිටපතක් new layer එකක් මත copy කර ගන්න.එය නැවත පසු සංස්කරණ උදෙසා මුල් පිටපත සංරක්ෂණයට උපකාරී වේ.

Step 03

ඡායාරූපයට වඩාත් සුදුසු රාමුව නොපවතින අවස්ථාවකදී පසු සංස්කරණය තුලින් ඡායාරූපය නැවත රාමු කල හැක.එහිදී crop tool භාවිතා කරගනිමින් මෙය නිවැරදිව සිදුකර ගනු ලබයි.

Step 04

අනාවරණය හා අනෙකුත් මූලික වර්ණ සැකසීම් මෙම පියවර යටතේදී සම්පූර්ණ කරගනු ලබයි. ඒ සඳහා camera raw filters වෙත පිවිස ගැළපෙන අගයන් යොදාගනිමින් නිවැරදි කිරීම් කර ගත යුතුය.

මේ යටතේ,

• Brightness/contast

• Levels

• Curves

• Exposure

• Shadows/Highlights

• Toning නිවැරදි කිරීම් සිදුවේ.

Step 05

ඡායාරූපයේ ප්‍රකාශනයට බාධාවන ඕනෑම වස්තුවක් රූපයෙන් ඉවත් කිරීම සිදුකරනු ලබයි.උදාහරණ ලෙස කැමරා සෙන්සරයේ පැවති කුඩා දුහුවිලි මගින් ඇති කරන spot හා රූපයේ ඇති blemishes හා අනෙක් පීඩාකාරී වස්තූන්.

මේ යටතේ,

  • Spot Healing Brush tool
  • Healing Brush tool
  • Patch tool
  • Clone stamp       භාවිත කරයි

Step 06

ලබාගත් ඡායාරූපය නිවැරදි නාභිගත කිරීමේ පැවතියද (perfect focus) සංස්කරණයේදී sharpning tool භාවිත කල හැක.මෙහිදී අනවශ්‍ය ලෙස අගයන් එක් කිරීමේදී රූපය විකෘති විය හැකි බැවින් සීරිමාරු කිරීම් සැලකිලිමත්ව කල යුතු වේ.

Step 07

වඩා අලංකාරයක් ඡායාරූපයට එක් වන්නේ මෙම පියවරේදී වේ.එනම් අවසන් වර්ණ සංකලනය හා වර්ණ නිවැරදි කිරීමේ පියවර වේ. මෙහිදී බොහෝ විට කැමරාවේ වර්ණ කියවීමට සමගාමීව නොයමින් නිර්මාණ ශිල්පියා හට අවැසි පරිදි වර්ණ සැකසීම් කල හැක.එමගින් වඩාත් අලංකාර නිර්මාණයක් සම්පූර්ණ කල හැක.

Step 08

මෙම පියවර මගින් අවසන් නිර්මාණය පරිගණකය තුල නිවැරදිව ගබඩා කරගන්න ආකාරය සලකා බලමු. මෙහිදී psd / tiff සහ jpeg යන file format භාවිත කරයි. psd ලෙස ගබඩා කිරීම මගින් නැවත සිදුකල සංස්කරණයන් වෙනසකට ලක්කිරීමට අවස්ථාව සලසා දෙයි. Jpeg යනු ඉතා සැහැල්ලු file format එකක් වන අතර මෙය අන්තර්ජාල භාවිතය සඳහා වඩාත් සුදුසු වේ.

ඉහත සඳහන් පියවර ඡායාරූප සංස්කරණයේ මූලික පියවර වේ. මෙම මූලික පියවර හැදෑරීම හා නැවත නැවත භාවිතා කිරීම මගින් සංස්කරණ ශිල්පීය ක්‍රම ප්‍රගුණ කල හැක. එසේම තමාටම ආවේණික වූ කලාකෘතීන් ‍රැසක් නිර්මාණයට මග සලසා ගත හැක.

 

logo helio

Subscribe Us

Write your email into below field and join our quick support forum.